ඇහි පියන් ඇහැරිලා (Record no. 12419)

MARC details
000 -LEADER
fixed length control field 08552nam a22001937a 4500
003 - CONTROL NUMBER IDENTIFIER
control field ISURa
008 - FIXED-LENGTH DATA ELEMENTS--GENERAL INFORMATION
fixed length control field 141119b xxu||||| |||| 00| 0 eng d
020 ## - INTERNATIONAL STANDARD BOOK NUMBER
International Standard Book Number 9789550980031
041 ## - LANGUAGE CODE
Language code of text/sound track or separate title Sinhala Language
082 ## - DEWEY DECIMAL CLASSIFICATION NUMBER
Classification number 891.481
Item number MAS
100 ## - MAIN ENTRY--PERSONAL NAME
Personal name Masimbula , Mahinde Pressad
9 (RLIN) 19703
245 ## - TITLE STATEMENT
Title ඇහි පියන් ඇහැරිලා
Remainder of title කාව්‍ය සංග්‍රහය
260 ## - PUBLICATION, DISTRIBUTION, ETC. (IMPRINT)
Name of publisher, distributor, etc Santhava Publication
300 ## - PHYSICAL DESCRIPTION
Extent 56 p.
Dimensions 22cm
520 ## - SUMMARY, ETC.
Summary, etc 2012 වසරේ විශිෂ්ඨම කාව්‍ය සංග්‍රහයට හිමි විද්‍යෝදය සම්මානය දිනාගත් මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ "ඇහි පියන් ඇහැරිලා" කාව්‍ය සංග්‍රහය කියවුවෙමි. මීට පෙර කවියාගේ "හිරුත් හිම පියල්ලක" කාව්‍ය සංග්‍රහය කියවා ඇතත්, එය ප්‍රකාශ වූ කලැ කියවූ නිසා දෝ ඒ පිළිබඳ එතරම් මතකයක් හෝ, මතකය ආවර්ජනය කර ගැනීමට එම කාව්‍ය සංග්‍රහය දැනට ළඟ හෝ නැත. වර්ග කිරීමකට ඉඩක් ඇත්නම්, මෙය මෑතක බිහි වූ ජනප්‍රිය වර්ගයේ කවි පොතක් ලෙස දකිමි ( "මීළඟ මීවිත" ද මේ ගණයට අයත් යැයි සිතමි ). 2012 නොවැම්බරයේ මුල්ම මුද්‍රණයෙන් එලි දුටු මෙය, 2015 මැයි මස වන විට පස්වන මුද්‍රණයක් කරා යාමට තරම් ඉල්ලුමක් තිබී ඇත ( මා සතුව ඇත්තේ එහි පිටපතකි ).

මීට පෙර අවස්ථා දෙකක දී ම ( මා දැනුවත් ව ) මුහුණු පොතේ "පොත් කියවන අය" සමූහයේ, මස්ඉඹුල ට නැඟුණු සියුම් විවේචනයක් වූයේ හේ තම නිර්මාණ ඔස්සේ ශෘංගාරය හා ස්ත්‍රීවාදය වෙනුවෙන් යම් නැඹුරුතාවක් දක්වන බවකි. එනමුදු ශෘංගාරය වඩාත් මතුකිරීම සහ ස්ත්‍රීවාදයට සීමා වීම යන කාරණා දෙක මත නිර්මාණය වූ කවි සාපෙක්ෂ ලෙස අඩු බවක් තමයි, මට "ඇහි පියන් ඇහැරිලා" කියෙවුවාම නම් සිතුනේ. කවියා පසුගිය සමයේ ජනප්‍රිය ප්‍රවණතාවක් වූ දේශපාලන විරෝධතා රැගත් කාව්‍ය රචනයකට හෝ නැඹුරු වී නැති සෙයකි. කවියට නගන විෂයන් ලෙස බැලූ කල එහි එතරම් නැවුම් බවක් දකින්නට නොලැබුණ ද, සංග්‍රහයට එක්කාසු කොට ඇති නිර්මාණ අතිබහුතරයක් ඉතා රසවත් නිර්මාණ බව නොකියා ම බෑ. ආකෘතික වශයෙන් හෝ කවියා එතරම් පෙළහරක් පාන්නේ නැත. එනම් කවියා ගේ ප්‍රබලතාව ඇත්තේ, සුළභ මාතෘකාවක් පිළිබඳ ව හෝ, පාඨක සිත ට දැනෙන්නට කීමට හැකි වීමයි. එය පහත සඳහන් නිදසුන් කෂාත් ක්ෂාත් කරනු ඇත.

මෙහි එන "කනත්ත ළඟ පාරේ උදෑසන" කවි පංතිය, ජීවිතය යන්න සමස්ත වශයෙන් අත්මිටකට සම්පිණ්ඩනය කර ඒ වෙත උපෙක්ෂාවෙන් මුත් දයාන්විත නෙතකින් බලමින් ලියවූවකි. වැඩ නිම වී එන වෙසඟනගේ විඩාබර මුහුණ, ලයිට් කණුවේ අලුත් මරණ දැන්වීම, බඩදරු අම්මෙකුගේ දසුන, වෙළෙන්දා වාසනාව විකුණ න කොට අයෙක් පැරදුම ඉරා දැමිම, පෙම්වතුන්ගේ බලාපොරොත්තු, රාජකාරියට යන මිනිසුන්ගේ හදිසිය වැට ට නුදුරින් තිබුන ද,

"යකඩ වැටෙන් එපිට
පොළෝ ඡේදයක
සොහොන්වලින් ලියැවී තිබේ
ජීවිතයේ පසුවදන"

අපූරු ම නොවේ ද?

පෙර කිවාක් මෙන් මෙහි එන සමහර මාතෘකා සුළභ ය. අනාථ අසරණ කරන ලද යෞවණියන් ගේ ඉරණම මාතෘකා කොට ගෙන ලියවුණේ අද ඊයේ නොවේ. මොණිකා රුවන්පතිරණගේ සුප්‍රසිද්ධ කවිපංතියේ සිට සෑම කවියා ම පාහේ මේ සුළභ මාතෘකාව පිළිබඳව කවි ගොතා ඇත. සමහරවිට අයෙක් මස්ඉඹුල ස්ත්‍රීවාදයට පක්ෂයැයි කියන්නේ මෙවන් කව් නිසා යැයි විය හැකිය. මෙහි ද "කලල පුතේ", "සැඳෑ සමයේ හිරු උදා වී", "රහස" ආදිය ද මෙම වස්තුබීජය මත ඉදි වූ කවි ය. මෙහි එන සැඳෑ සමයේ හිරු උදා වී කවි පංතිය, ජීවිතේ සැඳෑ භාගයේ දී, අයෙක් කල පැරණි වැරදි අමතක කොට, ඉතිරි දින කිහිප තුල හෝ යම් සෙනෙහසක බලාපොරොත්තුවක් ඉතා සියුම් ලෙස ඉඟි කරන අපුරූ නිර්මාණයකි.

"අහම්බෙන් දුටු විගස
ලොකු කොලුගෙ කළු මුහුණ මතක් වුණි
ඒ රහස අදට වත් කවුරු වත් දන්නේ නෑ

දැං ඉතින් හැමදා ම හැන්දෑවෙ
පිරිමි පැත්තට ඇවිත්
ඇඳ ගසා හදා දී
නින්ද යනකං ඔහේ
කතා කර-කර ඉන්න අපිට පුළුවං වේවි"

මෙහි ඇති අපූරුත්වයක් ඇති කාව්‍ය නිර්මාණයකි, "පුතාට දහ අට යි" කවි පංතිය. කවියේ නම, ප්‍රකාශිත කාරණාව හා සපුරා වෙනස් වීම හරහා පාඨකයා ට යම් නව්‍යතාවක් ගෙනදෙන්නා ක් මෙනි. එහි "පුතාට දහ අට" වීම ඇත්තෙන් ම අතුරු කාරණාවකි. අම්මා ට ඉඳ හිට හෝ පුතාගේ පියා දැක ගැනීමේ අවසන් අවස්ථාව නැති වීමේ සිත් තැවුල කවියා ගෙනහැර දක්වන්නේ පෙර කල ප්‍රේමයේ ගරා වැටුණු මතක සටහන් ඔස්සේ ය.. එලෙසම පාඨකයාට ද කවිය කියනා කත ගේ තම පුරුෂයා කෙරෙහි වන ලෙන්ගතුකම සහ සමීපස්ථ විරහවේ වේදනාව දැනෙනා අයුරකිනි.

650 ## - SUBJECT ADDED ENTRY--TOPICAL TERM
Topical term or geographic name as entry element Sinhala Poems
9 (RLIN) 78093
Topical term or geographic name as entry element Sinhalese Literature
9 (RLIN) 78094
942 ## - ADDED ENTRY ELEMENTS (KOHA)
Source of classification or shelving scheme Dewey Decimal Classification
Koha item type Lending Books
Holdings
Withdrawn status Lost status Source of classification or shelving scheme Damaged status Not for loan Collection code Home library Current library Shelving location Date acquired Cost, normal purchase price Total Checkouts Full call number Barcode Date last seen Date checked out Koha item type Public note Price effective from
Dewey Decimal Classification     Lending Collection Agricultural Library Agricultural Library Lending Section 14/07/2014 150.00 1 891.481 MAS 68349 10/11/2025 14/10/2025 Lending Books excelent poetry in 2012,Vidyodaya litreature merit
Dewey Decimal Classification     Lending Collection Agricultural Library Agricultural Library Lending Section 03/07/2014 150.00 3 891.481 MAS 68350 01/09/2025 15/08/2025 Lending Books excelent poetry in 2012,Vidyodaya litreature merit
Dewey Decimal Classification     Lending Collection Applied Sciences Library Applied Sciences Library Lending Section 29/11/2019 200.00   891.481 MAS 113512 29/11/2019   Lending Books   29/11/2019