TY - BOOK AU - Katulanda, Prasad TI - දියවැඩියාව පාලනය කරගනිමු SN - 9789556617504 U1 - 616.462 PY - 2015/// CY - Colombo PB - Sadeepa Prakasakayo KW - Diabetes KW - Diseases N2 - සමාන්‍ය භාවතයේදී කෙටියෙන් දියවැඩියාව (ඉංග්‍රීසි: Diabetes mellitus, DM) ලෙසද හැඳින්වෙන මධු දියවැඩියාව නොහොත් මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි (සින්ඩ්‍රෝමයකි).[1] මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි. මෙම ඉන්සියුලින් හිඟතාවය එම හෝමොනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැතිව වුවද ඇතිවිය හැකිය. මෙහි ආවේනික රෝග ලක්ෂණයක් වන්නේ රුධිර ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන අධික ලෙස මුත්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන පිපාසය, එසේ ග්ලුකෝස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන ඇස්පෙනීම බොදවීම, පැහැදිලි කළ නොහැකි ආකාරයට සිදුවන බර අඩුවීම හා කම්මැලිකමයි. රුධිර ග්ලුකොස් මට්ටම සුළු ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අවස්ථාවන්හිදී ඉහත කී රෝග ලක්ෂණ හොදින් පැහැදිලිව දක්නට නොලැබිය හැකිය. දියවැඩියාවට ප්‍රතිකාර නොලද හොත් නොයෙකුත් සංකුලතා ඇති විය හැකිය. කීටොඇසිඩොසිස් ( ketoacidosis) සහ කීටෝටික නොවන හයිපර්සොමලර් කෝමාව (nonketotic hyperosmolar coma) එසේ ඇතිවිය හැකි දරුණු ඝනයේ සංකුලතා වේ. හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මන්‍යතාව, පාදයේ ඇතිවන වණ සහ ඇස්වලට ඇතිවන ආබාධ යන ඒවා දියවැඩියාව නිසා ඇති වියහැකි දිගු-කාලීන බරපතළ සංකුලතාවයන් වෙයි. දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය නිපද නොවීම නිසා හෝ දේහයේ සෛල ඉන්සියුලින් වලට නියම ලෙස අනුකුලතා නොදැක්වීම නිසා හෝ වේ. දියවැඩියාවෙහි ප්‍රධාන ආකාර තුනක් ඇත: ER -