000 07528nam a22002057a 4500
999 _c51900
_d53447
003 ISURa
008 191022b xxu||||| |||| 00| 0 eng d
020 _a9552097916
041 _aSinhala
082 _a294.35
_bDAM
100 _a Dammathilaka Himi, Palanwaththe
_973894
245 _aථෙරවාද ධර්ම විනයෙහි සංගෘහිත ගෞතම බුදු සිරිත
260 _aColombo
_bS.Godage
_c2007
_g2017
300 _a176 p.
_c21 cm.
520 _aපින් ලැබුවෝ සැප වින්දෝ පුඤ්ඤං චේ පුරිසෝ කයිරා කයිරාථේ තං පුනප්පුනං තම්හි ඡුන්දං කයිරාථ සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ (ධම්මපදය-පාප වර්ගය-3 ගාථාව) ‘‘පිනක් කරන්නේ නම් එම කටයුතු නැවත නැවත කරන්න. කුසල් රැුස්වීම සැපය පිණිස හේතු වේ.’’ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර අනේපි`ඩු සිටුවරයා පූජාකළ ජේතවනාරාමයේ වැඩ සිටි එක් අවස්ථාවක දේශනා කොට වදාළ ගාථා ධර්මයකි ඉහතින් සඳහන් වන්නේ. අතිශයින් වැදගත් මාතෘකාවක් විෂයයෙහිය මෙම දේශනාව සිදු කර තිබෙන්නේ. මෙම දේශනාව සිදු කිරීම සම්බන්ධයෙන් වූ සිදුවීම අවබෝධ කරගෙන සිටීමද වැදගත්වේ. රජගහනුවර පුළිල නම් වූ ළෙණෙහි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ වැඩවසනා දවස් කිහිපයකි ගෙවමින් තිබුණේ. දිනක් උන්වහන්සේ සමවතට සමවැදී සත් දිනකින් පසු නැවත එයින් නැගී සිට තමන් කාහට යහපතක් සිදු කරන්නේදැයි දිවසින් බලන්නේ එක්තරා දුෂ්කර පෙදෙසක හැල්හේනක් රක්නා දිළිඳු ගැහැණියක කෙරේ සිත් යොමුවූහ. එම කාන්තාව ඉතා මහන්සියෙන් බොහෝ දුර සහිත හේනට ගොස් එහි හැල්කරල් නෙළා නිවසට ගෙනැවිත් විළඳ බදී. තෙරුවන් කෙරෙහිද සිතැත්තියකි. ඇයට පිහිටවීමට සිතා උන්වහන්සේ ඇගේ නිවසට වැඩමකොට ඇගේ පැල්පතෙහි දොරකඩ සමීපයේ වැඩ හුන්සේක. ඇයද තමන්ගේ ජීවිතයේ කිසිදිනෙක ළඟා නොවූ සැපතක් ලැබුණේයැයි අතිශයින් සොම්නස්ව උන්වහන්සේට සැදැහැයෙන් යුතුවම විළඳ පූජා කළාය. කාශ්‍යප තෙරුන් වහන්සේ ඇයට පින් අනුමෝදන් කළසේක. එදින සවස් භාගයේ සර්පයෙක් දෂ්ට කළෙන් ඇය මියගොස් දිව්‍යලෝකයෙහි උපන්නාය. දිව්‍යලෝකයට එළඹීමෙන් අනතුරුව තමන් කුමන පින්කමකින් මෙහි ඉපදුණේදැයි විමසා බලන්නේ කාශ්‍යප තෙරුන් වහන්සේ නිසා මේ දිවසැප ලැබුණු බව දැන උන්වහන්සේ වැඩ සිටින විහාරයට දෙව්ලොවින් බැස අවුත් වෙහෙරෙහි කළයුතු වත්පිළිවෙත් මනාව ඉටුකළාය. මල්නෙළා තැබුවාය, පරමල් ඉවත දැමුවාය, මළු හැමදුවාය, පැන් පෙරා තැබුවාය. දිනක් තෙරුන් වහන්සේ අලූයම මළුව හමදින කල්හි මේ දේවතාවිය තෙරුන්ගේ කුටියට යතුරු සිදුරෙන් ඇතුළුව කුටිය පිරිසිදු කරමින් සිටියාය. තෙරුන් වහන්සේ මෙය දැන නැවත එහි නොයෙනා ලෙස තහනමක් පැනවීය. එයින් ශෝකයට පත් ඇය කෙරෙහි රැුස්කඳක් විහිදවූ බුදුන් වහන්සේ ඇය උත්සාහවත් කරවා ‘යමෙක් පින්කමක් කරන්නේ නම් යළි යළිත් එබඳු පින්කම් කිරීමට අදිටන් කරගත යුතුය. පින් රැුස්කිරීම සැපයට හේතුවන්නේය’ යනුවෙන් වදාරමින් මෙම ගාථා පාඨය දේශනා කළ සේක. දුගී දුප්පත් කාන්තාවකට දෙව්ලොව උත්පත්තිය ලැබීම කෙරෙහි පිහිට වූයේ ඇය පෙර ආත්මභාවයේ පූජා කළ විළඳ පූජාවයි. අතිශයින් කුඩා පූජාවක් ලෙස අපට හැඟී ගියත් එයින් ලැබුණු පින මහත්ඵල මහානිසංස බව අපට ඇගේ දෙව්ලෝ උපත සිදුවීමත් සමග වැටහෙනු නො අනුමානය. අපිත් අපේ ජීවිතයේ දී විවිධාකාර පින්කම් සිදුකරන්නෙමු. දන්දීම්, සිල්රැුකීම්, භාවනා කිරීම්, පින්දීම්, පින් අනුමෝදන් කිරීම්, වතාවත් කිරීම්, පිදිය යුත්තන් පිදීම්, දහම් දෙසීම්, දහම් ඇසීම්, මිසදිටු බවින් මිදීම් ආදී කරුණු මගින් අපගේ මෙලෝ ජීවිතය ආලෝකවත් වේ. එපමණක් ද නොව පරලෝක ජීවිතයටද එයින් සුවයක් ලැබේ. ඉඳින් සැප විඳීමට අතිශයින් කැමති අපිත් හැකි පමණින් පින්කම්වල නියුතු වෙමු. අසීමාන්තිකව පින්දහම්හි නියුක්ත වෙමු. එය අපගේ මෙලෝ දෙලෝ සැප
650 _a Buddhism
_9433
650 _aTheravada Buddhism
_918301
650 _a Buddhist ethics
_977392
942 _2ddc
_cLN