000 11656nam a22002057a 4500
999 _c52130
_d53677
003 ISURa
008 191205b xxu||||| |||| 00| 0 eng d
020 _a9789554193444
041 _aSinhala
082 _a352.63
_bBAN
100 _aBandara, J. M Dharmasena
_975509
245 _aග්‍රාමණී, ගමික සිට ග්‍රාම නිලධාරී වංශකතාව
260 _aColobageara
_bAuother
_c2019
_g2019
300 _a102 p.
_c21 cm.
520 _aගැමි නායකත්වය ඉටුකළ ගම් ප්‍රධානියා විටින් විට විවිධ නම්වලින් හඳුන්වා දී තිබුණි. අපට හුරුපුරුදු ගම් රාළ, ගමරාළ රාළ, ආරච්චිල එවැනි නම් කිහිපයකි. ඊට අමතරව ගාමරී, දකපති, පරුමක, ගාමිණි, ගමික, යන නම්ද විටින් විට ඔහුට පටබැඳී පැවතුණි. විදේශීය ආක්‍රමණිකත්වය හෙවත් පෘතුගීසීන් ලන්දේසීන් හා ඉංග්‍රීසීන්ගේ පාලනය තුළ එතෙක් ගම් මට්ටමේ ප්‍රධානීන් සතුවූ බලධාරිත්වය වෙනස් වූ බව පෙනේ. 1815 උඩරට ගිවිසුමෙන් පසු ශ්‍රී ලංකාවේ රාජාණ්ඩුක්‍රමය බිඳ වැටුණි. ඉන්පසු රටේ පරිපාලනය භාර වූයේ ආණ්ඩුවේ ඒජන්තවරුන් වෙතය. ඒ ඒ උසාවි තුළ අණ්ඩුවේ ඒජන්තවරුන් විනිශ්චයකාර ධුරද හෙබවීම නිසා සාමය ඇතිකිරීම, බදු එකතුකිරීම, දඬුවම් පැනවීම, කැලෑ හා රජයේ ඉඩම් පරිපාලනයද ඔවුන් සතුවිය. ඒ අනුව ගම් මට්ටමේ රාජකාරි ගමරාළට පැවරුණි. ගමරාළව ගැමියන් ගෞරවණීය ලෙස ආරච්චිල ලෙසද හැඳින්වූවා විය හැකිය. ආරච්චිල නමින් වූ නිල නාමය වෙත විවිධ බලතල ලැබීම හේතුකොට ගෙන ගම්මුලාදෑනී ලෙස එම තනතුර අර්ථකතනය විය. ජෝන් ඩොයිලිගේ වාර්තා අනුව ඉතා වැදගත් තනතුරක් වූ ගම්මුලාදෑනීන් වෙත බදු අයකිරීම, ගම්සභා ක්‍රමය තුළ ගම නියෝජනය කිරීමේ වගකීම පැවරී තිබුණි. කෝල්බෲක් සාමිගේ පරිපාලන වාර්තාවන්ට අනුව බදු එකතුකිරීම, වැසියන්ගෙන් ඉටුවිය යුතු සේවය සඳහා සේවය ලබාගැනීම, හොඳින් සේවය සැපයීම වැනි රාජකාරි ඔවුන්ගේ නිසි වගකීම්භාරය විය. ලංකා සිවිල් සේවය 1963 දී ලංකා පරිපාලන සේවය බවට පරිවර්තනය විය. එහි එක්තරා ප්‍රතිපලයක් ලෙස 1964 අංක 6 දරන ගම්මුලාදෑනී තනතුර වෙනස් කිරීමේ පනත මගින් ගම්මුලාදෑනියා ග්‍රාමසේවක ලෙසත් ගම්මුලාදෑනී කොට්ඨාසය ග්‍රාම නිලධාරි කොට්ට්ඨාසය ලෙසත් වෙනසකට භාජනය විය. පරම්පරාවෙන් එතෙක් පැවැති ගම්මුලාදෑනීන් පත්කිරීම විභාග ක්‍රමයකට පරිවර්තනය විය. සුදුසුකම් තිබූ ගම්මුලාදෑනීන්ට ග්‍රාමසේවක තනතුර හිමිවිය. සුදුසුකම් නොලද්දවුනට විශ්‍රාම යාමට අවකාශ සැලසුණි. මුලදී 3,669 ක් වූ ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අද 14,000 ඉක්මවා තිබේ. ග්‍රාමසේවක නිලය බිහිකිරීමේ අපේක්ෂිත කාර්යභාරය වූයේ ගමට හිතැති මහජනයාට සමීප වූ යහපත් සේවාවක් බිහි කිරීමය. ඔහුට සාම නිලධාරී බලතලද හිමිවිය. ඒ තුළින් සාමය රැකීම අපරාධ වැළැක්වීම හා අපරාධ මර්දනයට කටයුතු කළ හැකිවිය. පසුකාලීනව එනම් 1977 අංක 05 දරන පදවිනාම සංශෝධන පනත තුළින් මෙම නිලනාමය ග්‍රාම සේවා නිලධාරි ලෙස වෙනස් විය. යළිත් 1993 අංක 02 දරන පනත තුළින් ග්‍රාමනිලධාරි ලෙස තනතුරු නාමය වෙනස් විය. දශක කිහිපයක ඉතිහාසය තුළින් ග්‍රාම නිලධාරි ක්‍රමය තුළ සිදුවූ වෙනස්කම් කිහිපයක් සනිටුහන් කිරීම වැදගත් වේ. ගම්මුලාදෑනියා ග්‍රාමසේවක ලෙසත් පසුව ග්‍රාමසේවා නිලධාරි හා ග්‍රාම නිලධාරි ලෙසත් වෙනස්වීම වැදගත් කරුණකි. 1982 සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාමසේවා නිලධාරින්ටඋසස්වීම් ක්‍රමයක් හඳුන්වා දී තිබුණි. රජය විවිධ අරමුණු මත බඳවාගත් විශේෂ සේවා නිලධාරින්, වගා නිලධාරින්, කෘෂි ව්‍යාපෘති නිලධාරින්, සහකාර ග්‍රාම සංවර්ධන නිලධාරීන්, ඉඩම් සංවර්ධන ඕවර්සියවරුන්, හා වෙනත් ක්ෂේත්‍ර නිලධාරින් 7,234 ක් 1989 දී ග්‍රාම සේවා නිලධාරි සේවයට අන්තර්ග්‍රහණය කෙරුණි. දෙමළ භාෂාව කතා කරන වතු අංශයට අතිරේක ග්‍රාම සේවා නිලධාරින්ද එවකට අනුයුක්ත කෙරුණි. 1987 පළාත් සභා පනතට අනුව 1990 සිට ග්‍රාම නිලධාරින් මධ්‍යම රජයෙන් ඉවත් කොට පළාත් රාජ්‍ය සේවයට අනුයුක්ත විය. ඒ සමග සාම නිලධාරි බලතල අහෝසි විය. යළිත් 1995 දී මෙම සේවාව මධ්‍යම රජය යටතට ගන්නා ලදී.1996 දී ග්‍රාමනිලධාරි අධි ශ්‍රේණියක්ද නිර්මාණය විය. යළිත් සාම නිලධාරි බලතලද හිමි විය. වර්තමානයේදී ග්‍රාම නිලධාරි ව්‍යවස්ථාවක්ද සම්පාදනය වෙමින් පවතී. ග්‍රාම නිලධාරින්ගේ කාර්යභාරය තුළ සාම නිලධාරියකු වශයෙන් කටයුතු කිරීමේදී අපරාධ නඩු විධාන සංග්‍රහය හා දණ්ඩ නීති සංග්‍රහයේ 114 සිට 478 දක්වා වගන්තිවලින් පැවරෙන රාජකාරි ඉටු කළ යුතුවේ. ඒ හැර විවිධ අණ පනත්වලින්ද බලතල හිමිවේ.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අන්තරාදායකෟ පිහි ආඥා පනත, හානිදායක ආයුධ ආඥා පනත, මැණික් කැපීමේ ආඥා පනත, සුරාබදු, උපත් මරණ, වෙළඳාම් වන පුරාවිද්‍යා,තැබෑරුම්, වාහන, වනජීවී, බෝට්ටු, පරිසර, පුපුරන ද්‍රව්‍ය, සුසානභූමි වැනි ආඥා පනත් ඒ අතර වැදගත් වේ. එමෙන්ම රජයේ ඉඩම් සම්බන්ධ ඉඩම් අනවසරයෙන් අල්ලාගැනීම, රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීම, ඛනිජ හා ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත්ද ක්‍රියාත්මක කරන තැනැත්තාය. සාම නිලධාරි රාජකාරිවලට අමතරව මැතිවරණ ආඥා පනත යටතේ වාර්ෂික ඡන්දහිමි නාමලේඛන සැකසීම, මැතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සැකසීමේ කටයුතු සහ සුබසාධන කටයුතු ඔහුගේ වගකීම් වේ. එමෙන්ම ග්‍රාම නිලධාරී දිනපොත හා උපදෙස් සංග්‍රහයට අනුව තවත් බොහෝ වගකීම් ඔහුට පවරා තිබේ. විටෙක ඔහු ගම් මට්ටමේ ප්‍රධාන නිලධාරියාය. තවත් අවස්ථාවක විපර්යකාරකවරයෙකි. මග පෙන්වන්නෙකි. සුබසාධක හා සමාජසේවා නිලධාරියෙකි. සංවර්ධන සංස්කෘතික සමාජීය ජාතික ආගමික කටයුතුවලද මූලිකව ක්‍රියාකරන පුද්ගලයාය. සමිති සමාගම්හි සම්බන්ධීකරණ නිලධාරියා හෝ ලේකම්වරයාය. සියල්ල කැටිකොට ගත්විට ගම් මට්ටමේ නිල නායකත්වය හොබවන ප්‍රජා නායකයාය.
650 _aCivil service
_98450
650 _aSpecific topic in public administration
_975419
650 _aManagement of office workers
_975420
942 _2ddc
_cLN